සාප්පු සොරකම් වාර්තා කරන පාරිභෝගිකයන්ට පවුම් 1ක ත්‍යාගයක් ලබාදීමට Iceland සමාගම සූදානම්

සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන අයිස්ලන්ඩ් (Iceland) සමාගම, සිල්ලර වෙළෙඳසැල්වල සොරකම් කිරීමේ සිදුවීම් වාර්තා කරන පාරිභෝගිකයින්ට මුදලින් ත්‍යාග පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

සමාගමේ විධායක සභාපති රිචඩ් වෝකර් (Richard Walker) පවසන්නේ, සොරකම් කිරීමක් පිළිබඳව සේවකයන්ට දැනුම් දෙන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අයිස්ලන්ඩ් බෝනස් කාඩ්පතට (Iceland Bonus Card) පවුම් 1ක ත්‍යාගයක් හිමි වන බවයි. සාප්පු සොරකම් හේතුවෙන් තම ව්‍යාපාරයට වසරකට පවුම් මිලියන 20ක් පමණ අහිමි වන බව සමාගම ඇස්තමේන්තු කරයි.

මෙම සිදුවීම් සමාගමේ ලාභයට පමණක් නොව, මිල අඩු කිරීමට සහ සේවක වැටුප් සඳහා නැවත ආයෝජනය කිරීමට ඇති හැකියාවට ද බලපාන බව වෝකර් මහතා පවසා ඇත. අයිස්ලන්ඩ් සමාගම ප්‍රකාශ කර ඇත්තේ, පවුම් 1ක ත්‍යාගය ලබා ගැනීම සඳහා සොරකමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගත යුතු නැති බවයි. නමුත් එය වාර්තා කර තහවුරු කළ යුතු බව සඳහන් කර ඇත.

පාරිභෝගිකයින් අපරාධ වැළැක්වීමට සහභාගී වීම දිරිගැන්වීමෙන්, වෙළඳසැල්වල මිල අඩු කිරීමට උපකාරී විය හැකි බවද ඔහු පැවසීය. පාරිභෝගිකයින් සොරකම් කරන්නන් සමඟ සෘජුව සම්බන්ධ වීමට සමාගම අපේක්ෂා නොකරන බවත්, නමුත් හැකි ඉක්මනින් ළඟම සිටින සේවකයෙකු සොයාගෙන සැක සහිත පුද්ගලයා පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබා දෙන ලෙසත් අයිස්ලන්ඩ් සමාගම සඳහන් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top