තම බිරිඳගේ වාසගම ගැනීමට පිරිමින්ට තහංචි පැනවූ නීතියක් අවලංගු කරමින්, දකුණු අප්‍රිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත. මෙම නඩුව ගොනු කළ යුවළවල් දෙදෙනාට ජයග්‍රහණයක් අත්කර දෙමින්, ව්‍යවස්ථාපිත අධිකරණය තීන්දු කළේ, මෙම නීතිය ලිංගිකත්වය මත පදනම් වූ වෙනස්කම් කිරීමක් වන බවයි.
හෙන්රි වැන් ඩර් මර්වේට ඔහුගේ බිරිඳ ජානා ජෝර්දාන්ගේ වාසගම ගැනීමට අයිතිය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇන්ඩ්‍රියාස් නිකොලස් බෝර්න්මන්ට ඔහුගේ බිරිඳ ජෙස් ඩොනෙලි–බෝර්න්මන්ගේ වාසගම වන ඩොනෙලි ඇතුළත් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
යුවළවල් දෙදෙනා තර්ක කර ඇත්තේ, මෙම නීතිය යල්පැන ගිය සහ පීතෘමූලික නීතියක් බවත්, 1994 දී වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු දකුණු අප්‍රිකාව විසින් සම්මත කරන ලද ව්‍යවස්ථාවේ අන්තර්ගත සමානාත්මතා අයිතිවාසිකම් එය උල්ලංඝනය කරන බවත්ය.
දකුණු අප්‍රිකාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ සැලකිය යුතු දියුණුවක් ලබා ඇති නමුත්, හානිකර ඒකාකෘති අදහස් පවත්වාගෙන යන සමහර නීති සහ භාවිතයන් තවමත් ක්‍රියාත්මක වන බවද එය වැඩිදුරටත් පවසා ඇත. Free State Society of Advocates නම් නීතිමය ආයතනයක් යුවළවල් දෙදෙනාට සහාය දැක්වීම සඳහා නඩු විභාගයට සම්බන්ධ වී ඇත.
මෙම තීන්දුව ක්‍රියාත්මක වීම සඳහා, පාර්ලිමේන්තුවට උපත් සහ මරණ ලියාපදිංචි කිරීමේ පනතට මෙන්ම එහි රෙගුලාසි ද සංශෝධන කිරීමට සිදුවනු ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.