ස්පාඤ්ඤයේ Fuerteventura දූපතේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ආහාර විෂවීමකින් මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ. 70 හැවිරිදි ලෙස්ලි ග්‍රීන් (Leslie Green) නම් මෙම පුද්ගලයා, තමා නැවතී සිටි හෝටලයේදී හොඳින් නොපිසූ කුකුල් මස් ආහාරයට ගැනීමෙන් පසුව සැල්මොනෙල්ලා (salmonella) බැක්ටීරියා ආසාදනයට ලක්ව රෝහලේදී මිය ගොස් ඇත.
ලෙස්ලි සහ ඔහුගේ බිරිඳ ජූලී (Julie) ජෙට්2 (Jet2) සමාගම සමඟ නිවාඩුවට ගොස් සිටි අතර, ඔවුන් නැවතී සිටියේ Occidental Jandia Playa හෝටලයේ බව විමර්ශනවලදී හෙළි විය. තම සැමියාගේ මරණයෙන් පසු සැල්මොනෙල්ලා විෂවීමේ අනතුරු පිළිබඳව අන් අයට දැනුම් දීමට බලාපොරොත්තු වන බව ජූලී ග්‍රීන් මහත්මිය සඳහන් කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.