ස්කොට්ලන්තය සිය දෛනික කසළ ට්‍රක් රථ 100ක ප්‍රමාණයක් එංගලන්තය වෙත ප්‍රවාහනය කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම තීරණයට හේතුව වන්නේ දෙසැම්බර් 31 වනදා සිට “කළු බෑග්” කසළ ගොඩකිරීම ස්කොට්ලන්ත රජය විසින් තහනම් කිරීමට පියවර ගැනීමයි.
මෙම තහනම හානිකර මීතේන් වායු විමෝචනය අවම කිරීම අරමුණු කර ගෙන ඇති අතර, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍ය, දැව, රෙදිපිළි, කඩදාසි සහ ආහාර ඇතුළු බොහෝ ගෘහස්ථ හා ව්‍යාපාරික අපද්‍රව්‍ය සඳහා මෙය අදාළ වේ. මෙම තහනම මුලින් 2021 සඳහා නියමිතව තිබුණද, වසංගතය හේතුවෙන් සහ ව්‍යාපාර සූදානම් නොවීම පිළිබඳව තිබූ ගැටලු හේතුවෙන් එය කල් දමන ලදී.
ස්කොට්ලන්ත අමාත්‍යවරුන් පවසන්නේ ගොඩකිරීම් තහනම ක්‍රියාත්මක වූ පසු වැඩිවන ඉල්ලුම හැසිරවීමට තරම් ප්‍රමාණවත් අපද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථාන ස්කොට්ලන්තයේ නොමැති නමුත්, එංගලන්තයට කසළ අපනයනය කිරීම තාවකාලික විසඳුමක් පමණක් වන බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි