සැප්තැම්බර් මාසයේ රැලියකදී වෙඩි තබා ඝාතනය කරන ලද ගතානුගතික දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චාලි කර්ක් (Charlie Kirk) ගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ කළ අදහස් හේතුවෙන් විදේශිකයන් හය දෙනෙකුගේ වීසා බලපත්‍ර අවලංගු කළ බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
X (ට්විටර්) සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ ප්‍රකාශ කර ඇත: “ඇමරිකානුවන්ට මරණය ප්‍රාර්ථනා කරන විදේශිකයන්ට සත්කාරකත්වය දැක්වීමට එක්සත් ජනපදයට කිසිදු බැඳීමක් නැත. චාලි කර්ක්ගේ ද්වේෂසහගත ඝාතනය සැමරූ වීසා බලපත්‍ර හිමියන් තවදුරටත් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනිමින් සිටී.”
මෙම සටහනට අමතරව, රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, බ්‍රසීලය, පැරගුවේ සහ මෙක්සිකෝව යන රටවල පුද්ගලයන්ට අයත් බව පැවසෙන සමාජ මාධ්‍ය ගිණුම් හයක් සහ ඔවුන්ගේ විවේචනාත්මක අදහස්වල තිරපිටපත් ලැයිස්තුවක්ද පළ කර තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම පුවත නිකුත් වූයේ කර්ක් හට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මරණින් පසු ජනාධිපති නිදහස් පදක්කම (Presidential Medal of Freedom) පිරිනැමීමත් සමඟය.
මිය යන විට 31 හැවිරිදි වියේ පසු වූ කර්ක්, ගතානුගතික ටර්නිං පොයින්ට් (Turning Point) ශිෂ්‍ය සංවිධානයේ සම-නිර්මාතෘවරයෙකි. පසුගිය වසරේ පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී තරුණ ඡන්දදායකයින් ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට යොමු කිරීමේ ගෞරවය ඔහුට හිමි විය.
ඔහුගේ මරණයත් සමඟම, එක්සත් ජනපදයේ දේශපාලනය සම්බන්ධයෙන් වමේ සහ දකුණේ පිරිස් සමාජ මාධ්‍ය හරහා අදහස් දැක්වීම් රැසක් ඇති කිරීමට හේතු වූ අතර, ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහු අනුස්මරණ සේවාවකදී “සත්‍යය උදෙසා දිවි පිදූවෙකු” (martyr for truth) ලෙස උසස් කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.