සංක්‍රමණිකයන් සඳහා ටෙක්සාස් හමුදා කඳවුරක රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඇමරිකාව සූදානම් වෙයි

එක්සත් ජනපදය (United States) ටෙක්සාස් (Texas) හි හමුදා කඳවුරක, මෙතෙක් විශාලතම සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක් (migrant detention facility) ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම රැඳවුම් මධ්‍යස්ථානයට අරමුදල් සපයන අතර, එය කෙටි කාලීන කූඩාරම් වැනි නිවාස වලින් සමන්විත වනු ඇතැයි එක්සත් ජනපද මාධ්‍ය වාර්තා පවසයි.

පෙන්ටගනය (Pentagon) පවසා ඇත්තේ, මෙක්සිකෝ දේශසීමාව (Mexican border) අසල පිහිටි ෆෝට් බ්ලිස් (Fort Bliss) කඳවුරේ, මෙම මාසයේ සිට සංක්‍රමණිකයන් 1,000ක් රඳවා තබා ගැනීමට මුලින් සැලසුම් කර ඇති බවයි.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට (Department of Defense) අනුව, මෙම පහසුකම පසුව ඉදිරි සති සහ මාසවලදී සංක්‍රමණිකයන් සඳහා ඇඳන් 5,000ක් සැපයීමට පුළුල් කෙරෙනු ඇත. එය සම්පූර්ණ වූ පසු, එය එක්සත් ජනපදයේ විශාලතම ෆෙඩරල් රැඳවුම් මධ්‍යස්ථානය වනු ඇතැයි පෙන්ටගනය වැඩිදුරටත් පවසා ඇත.

මෙම පහසුකම හමුදා කඳවුරක් තුළ ඉදිකරන නමුත්, එහි රඳවා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් හෝම්ලන්ඩ් ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security) වගකිව යුතු බව ප්‍රකාශ වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top