ෂාඕලින් ‘කුංෆු’ පන්සලේ ප්‍රධාන භික්ෂුව චීන විමර්ශනයකට ලක්වෙයි

ලොව ප්‍රකට ෂාඕලින් පන්සලේ (Shaolin Temple) ප්‍රධාන භික්ෂුව වන ෂී යොන්ග්ෂින් (Shi Yongxin) සොරකම් කිරීම සහ කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ නුසුදුසු සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් විසින් විමර්ශනයට ලක් කරමින් සිටින බව දින ප්‍රකාශ කර ඇත.

චීනයේ (China) මධ්‍යම හෙනාන් (Henan) පළාතේ කඳුකර ප්‍රදේශයක පිහිටි වසර 1,500ක් පැරණි ෂාඕලින් පන්සල, සෑම වසරකම දහස් ගණනක් ආකර්ෂණය කර ගන්නා අතර, ඔවුන්ගෙන් සමහරක් ලොව පුරා පැමිණෙන අයයි.

1999 වසරේ සිට ෂාඕලින් පන්සලේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කරන ෂී මහතා, මෙම ආයතනය ගෝලීය සන්නාමයක් බවට පත් කිරීම වෙනුවෙන් “සී.ඊ.ඕ. භික්ෂුව” (CEO monk) යන අන්වර්ථ නාමය දිනාගෙන තිබෙනවා. විමර්ශනය හේතුවෙන් ඔහුට පූජා සහතික පත්‍රය අහිමි කර ඇති බව චීනයේ බෞද්ධ සංගමය (Buddhist Association of China) ප්‍රකාශ කළා. පූජා සහතික පත්‍රය යනු භික්ෂූන් වහන්සේලාගේ ප්‍රජාවට පිළිගැනීමේ සාක්ෂියයි.

ඔහුගේ නායකත්වය යටතේ, පන්සල චීනයෙන් පිටත පාසල් විවෘත කිරීමට පටන් ගත් අතර, පන්සලේ විශේෂිත සටන් කලාව වන ෂාඕලින් කුංෆු (Shaolin kung fu) සංදර්ශන ඉදිරිපත් කළ සංචාරක භික්ෂු කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇත.

ෂී මහතා 2015 වසරේදීද කාන්තාවන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සහ පන්සල් අරමුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවලට ලක් විය. ඔහු වොක්ස්වැගන් (Volkswagen) SUV රථයක් සහ රන් නූල් සහිත සිවුරක් ඇතුළු මිල අධික තෑගි සමාගම්වලින් සහ පළාත් පාලන ආයතනවලින් ලබා ගත් බවටද චෝදනා එල්ල වී තිබුණි.

 

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top