ශීත කාලයට පෙර එක්සත් රාජධානියේ විදුලි බිල්පත් අපේක්ෂා කළාට වඩා ඉහළට

එක්සත් රාජධානියේ (UK) මිලියන ගණනක් පවුල් සඳහා ගෑස් සහ විදුලි බිල්පත් ඔක්තෝබර් මාසයේ සිට 2%කින් ඉහළ යන බව එරට බලශක්ති නියාමන ආයතනය වන Ofgem නිවේදනය කර තිබෙනවා.

මෙම වැඩිවීම, විශ්ලේෂකයින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි අගයක් වන අතර, සාමාන්‍යයෙන් බලශක්ති පරිභෝජනය කරන පවුලක් වසරකට පවුම් 1,755ක් ගෙවීමට සිදුවන බව එයින් අදහස් කෙරෙනවා. එය දැනට පවතින මිලට වඩා වසරකට පවුම් 35ක වැඩිවීමකි.

මෙම මිල ඉහළ යෑම එංගලන්තය (England), ස්කොට්ලන්තය (Scotland) සහ වේල්සයේ (Wales) මිලියන ගණනක් පවුල් සඳහා බලපාන අතර, එය මෙම ශීත ඍතුවේදී සාපේක්ෂව ඉහළ බලශක්ති බිල්පත් ගෙවීමට සිදුවන බවට සංවිධාන පෙන්වා දෙනවා.

බ්‍රිතාන්‍ය සිල්ලර වෙළඳ සංගමය (British Retail Consortium) සඳහන් කර ඇත්තේ, චොකලට්, බටර් සහ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමත් සමඟ, ආහාර පිරිවැය ද පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසු වේගවත්ම අනුපාතයකින් ඉහළ යමින් පවතින බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top