ඇමරිකානු වෝග් (Vogue) සඟරාවේ ප්‍රධාන කර්තෘ ඩේම් ඇනා වින්ටූර් සිය තනතුරෙන් ඉවත්වීමෙන් පසු එම තනතුරට ක්ලෝයි මැල් පත් කරන බව එම ප්‍රකාශනය නිවේදනය කර තිබේ.
වසර 14ක් පුරා විලාසිතා සඟරා ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දැරූ 39 හැවිරිදි ක්ලෝයි, වෝග් වෙබ් අඩවියේ කර්තෘ සහ සඟරාවේ පොඩ්කාස්ට් එකේ නිවේදිකාව ලෙසද කටයුතු කර ඇත. මැල්ගේ මෙම පත්වීම ලෝකයේ වඩාත්ම බලගතු සහ ආකර්ෂණීය විලාසිතා ප්‍රකාශනවලින් එකක් ලෙස සැලකෙන වෝග් සඟරාවට නව යුගයක් සනිටුහන් කරයි.
බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත විලාසිතා දැවැන්තියක් වන ඩේම් ඇනා, වසර 37ක් එම තනතුර දැරීමෙන් පසු ජූනි මාසයේදී ඉන් ඉවත්වන බව නිවේදනය කළාය. ඇය සඟරාවේ ප්‍රකාශකයා යටතේ ජ්‍යෙෂ්ඨ තනතුරු දිගටම දරනු ඇතැයි සඟරාව පවසා තිබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.