නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලනඥවරියක් වන මාරියා කොරිනා මචාඩෝ (Maria Corina Machado) 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
නොබෙල් කමිටුව සඳහන් කළේ, “වෙනිසියුලානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇය කළ නොනවතින කාර්යය සහ ඒකාධිපතිවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදයකට සාධාරණ හා සාමකාමී සංක්‍රමණයක් ලබා ගැනීම සඳහා ඇය ගෙන ගිය අරගලය” වෙනුවෙන් මචාඩෝට මෙම ත්‍යාගය පිරිනමන ලද බවයි.
පසුගිය වසරේදී, ජපාන සාම සංවිධානයක් වන නිහොන් හිඩන්කියෝ (Nihon Hidankyo) විසින් න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම සම්මානය ලබා ගන්නා ලදී. නිහොන් හිඩන්කියෝ යනු හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් අයගෙන් සමන්විත කණ්ඩායමකි.
මෙම සංවිධානය 1956 අගෝස්තු මාසයේ සිට ප්‍රහාරවලින් දිවි ගලවා ගත් අය (“හිබකුෂා” (hibakusha) – බෝම්බවලින් පීඩාවට පත් වූවන්) සඳහා වඩා හොඳ සෞඛ්‍ය සේවා ප්‍රතිපාදන ඉල්ලා මෙන්ම න්‍යෂ්ටික අවි සංවර්ධනය හා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා ද උද්ඝෝෂණ කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.