විෆා සුළි කුණාටුව හොංකොං වලින් පසු දකුණු චීනයට කඩා වදී

විෆා (Wipha) සුළි කුණාටුව හොංකොං (Hong Kong) වෙත බලපෑම් කර, කලාපයේ සිය ගණනක් ගුවන් ගමන්වලට බාධා කිරීමෙන් අනතුරුව, චීනයේ දකුණු ගුවාංඩොං (Guangdong) පළාතේ තායිෂාන් (Taishan) නගරයේ වෙරළට කඩා වැදී ඇති බව, රාජ්‍ය සතු CCTV වාර්තා කර තිබේ.

ඉරිදා (ජූලි 20) පස්වරු ගොඩබිමට කඩා වැදීමෙන් පසු, විෆා සුළි කුණාටුව දැඩි නිවර්තන කුණාටුවක් දක්වා දුර්වල වූ අතර, එහි උපරිම සුළං වේගය තත්පරයට මීටර් 30ක් වූ බව CCTV වාර්තාවේ සඳහන්. හොංකොංහිදී, කාලගුණ බලධාරීන් සුළි කුණාටු සංඥාව උපරිම 10 සිට 8 දක්වා පහත හෙළා ඇති අතර, එය පැය හතකට ආසන්න කාලයක් ඔසවා තබා තිබුණි. පැය තුනක් ඇතුළත මිලිමීටර් 110කට (අඟල් 4කට) වඩා වැඩි වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.

 

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top