විෂ සහිත හතු මිශ්‍ර කළ ආහාර වේලක් පිළිගැන්වීමෙන් තම වෙන්ව සිටි සැමියාගේ දෙමාපියන් සහ නැන්දා ඝාතනය කිරීමේ චෝදනාවට ඕස්ට්‍රේලියානු කාන්තාවක් වරදකාරිය වී තිබෙනවා.
සති 10ක නඩු විභාගයකින් පසු අවුරුදු 50ක් වන එරින් පැටර්සන් (Erin Patterson) සඳුදා (2025 ජූලි 07) දින මිනීමැරුම් තුනකට සහ මිනීමැරීමට තැත් කිරීමේ එක් චෝදනාවකට වරදකරු කරනු ලැබුවා. මෙල්බර්න් නගරයට කිලෝමීටර් 152ක් (සැතපුම් 94ක්) පමණ නැගෙනහිරින් පිහිටි ප්‍රාදේශීය නගරයක් වන මෝවෙල් (Morwell) හි අධිකරණ ශාලාවේදී මෙම තීන්දුව ලබා දී ඇත.
පැටර්සන්ගේ සැමියාගේ දෙමාපියන් වන ඩොනල්ඩ් සහ ගේල් පැටර්සන් (Donald and Gail Patterson) සහ ගේල්ගේ සහෝදරිය වන හෙදර් විල්කින්සන් (Heather Wilkinson), 2023 ජූලි 29 වන දින ඩෙත් කැප් (death cap) හතු මිශ්‍ර කළ බීෆ් වෙලින්ටන්ස් (beef Wellingtons) දිවා ආහාරය ගැනීමෙන් පසු මියගොස් ඇත. හෙදර්ගේ සැමියා වන ඉයන් විල්කින්සන් (Ian Wilkinson) ද විෂ ශරීරගත වී රෝහලේ සති හතක් ගත කිරීමෙන් පසු දිවි ගලවා ගෙන ඇත.
දින අටක්ම සාක්ෂි කූඩුවේ සිටි පැටර්සන්, විත්ති පාර්ශවය වෙනුවෙන් කැඳවූ එකම සාක්ෂිකාරිය විය. අප්‍රේල් 29 වන දින ආරම්භ වූ මෙම නඩු විභාගය ඕස්ට්‍රේලියාව පුරා මහත් ආකර්ෂණයක් දිනා ගත් අතර, එය සත්‍ය අපරාධ පොඩ්කාස්ට් කිහිපයකට පදනම වූ අතර, විදේශයන්හි ද සැලකිය යුතු මාධ්‍ය අවධානයක් දිනා ගෙන ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.