ඩෙන්මාර්කයේ (Denmark) සත්ත්ව උද්‍යානයක් එහි සිටින විලෝපිකයන්ට (predators) ආහාර සැපයීම සඳහා අනවශ්‍ය සුරතල් සතුන් ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. Aalborg සත්ත්ව උද්‍යානය විසින් සජීවී කුකුළන්, හාවන් සහ ගිනියා ඌරන් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ඇති අතර, ඒවා පුහුණු කාර්ය මණ්ඩලය විසින් දරුණු නොවන ආකාරයෙන් මරණයට පත් කරන බව එය පවසයි.
සත්ත්ව උද්‍යානය පැහැදිලි කරන්නේ, සතුන්ගේ ස්වභාවික ආහාර දාමය අනුකරණය කිරීමේ වගකීමක් තමන්ට ඇති බවත්, කුඩා ගොවිපල සතුන්, විලෝපිකයන්ගේ ආහාර වේලෙහි වැදගත් කොටසක් වන බවත්ය. මෙම ආකාරයෙන් සපයන ආහාර ස්වභාවිකව වනයේ දඩයම් කරන දේට සමාන බවත්, විශේෂයෙන්ම යුරේසියානු ලින්ක්ස් (Eurasian lynx) සතාට මෙය අදාළ වන බවත් සත්ත්ව උද්‍යානය පවසයි.
කුඩා සතුන් සතියේ දිනවලදී පරිත්‍යාග කළ හැකි අතර, වේලාවක් වෙන් කරවා ගැනීමකින් තොරව එකවර සතුන් හතරකට වඩා ගෙන ඒමට නොහැකිය. ඒ සඳහා සුදුසුකම් ලැබීමට අශ්වයන්ට අශ්ව ගමන් බලපත්‍රයක් තිබිය යුතු අතර, පසුගිය දින 30 තුළ කිසිදු රෝගයකට ප්‍රතිකාර කර තිබිය නොහැකිය. අශ්වයන් පරිත්‍යාග කරන අයට බදු අඩු කිරීමක් ලබා ගත හැකිය.
සත්ත්ව උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය වන පියා නීල්සන් (Pia Nielsen) ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, සත්ත්ව උද්‍යානයේ සිටින මාංශ භක්ෂක සතුන්ට වසර ගණනාවක් තිස්සේ කුඩා ගොවිපල සතුන් ආහාරයට ලබා දුන් බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.