විලියම් කුමරු සහ කේට් කුමරිය නව නිවසකට

වේල්සයේ කුමරු සහ කුමරිය (Prince and Princess of Wales), ඔවුන්ගේ නව නිවස වන වින්ඩ්සර් (Windsor) හි ෆොරස්ට් ලොජ් (Forest Lodge) වෙත පදිංචියට යාමට සූදානම් වන බව වාර්තා වේ. විලියම් කුමරු (William) සහ කැතරින් කුමරිය (Catherine), ඔවුන්ගේ දරුවන් වන ජෝර්ජ් (George), චාලට් (Charlotte) සහ ලුවී (Louis) සමඟ කාමර අටකින් සමන්විත ෆොරස්ට් ලොජ් වෙත පදිංචියට යනු ඇත.

පසුගිය මාස 18ක් පුරා කුමරියට පිළිකාවක් සඳහා ප්‍රතිකාර ගැනීමට සිදු වීමත් සමඟ, ඔවුන් පදිංචියේ වෙනසක් කිරීමට තීරණය කර ඇති බව පවුලට සමීප ආරංචි මාර්ග පවසයි. වින්ඩ්සර් ඔවුන්ගේ නිවස බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, පදිංචිය වෙනස් කිරීම, ඔවුන්ට නැවත අලුතින් ආරම්භ කිරීමටත්, නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමටත් අවස්ථාවක් ලබා දී ඇත.

මෙම රාජකීය යුවළ, මෙය ඔවුන්ගේ දිගුකාලීන පදිංචිය ලෙස සලකන අතර, ෆොරස්ට් ලොජ් ඔවුන්ගේ සදහටම පවතින නිවස ලෙස සලකයි. වේල්සයේ කුමරු සහ කුමරිය, රජු සහ රැජින බවට පත් වූ විටද පවුලක් ලෙස ජීවත් වීමට සැලසුම් කර ඇත්තේ මෙහි ය.

ඔවුන්ගේ පෙර නිවස වන ඇඩිලේඩ් කොටේජ් මෙන්ම, මෙම නව නිවසේද ඔවුන් සමඟ සේවකයින් පදිංචි නොවන බවත්, ඔවුන් හැකි තරම් පෞද්ගලික පවුල් නිවසක් නිර්මාණය කිරීමට අවධානය යොමු කරන බවත් වාර්තා වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top