විරුද්ධ පක්ෂ නායිකාවට නොබෙල් ත්‍යාගය හිමිවීමෙන් පසු නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමීමට වෙනිසියුලාව තීරණය කරයි

වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ (Maria Corina Machado) ඔස්ලෝහිදී කීර්තිමත් නොබෙල් සාම ත්‍යාගය (Nobel Peace Prize) දිනා ගැනීම නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසු, වෙනිසියුලාව විසින් නෝර්වේහි පිහිටි සිය තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

2024 වසරේ සිට සැඟවී සිටින කොරිනා මචාඩෝ, මෑත කාලීන ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යයේ සුවිශේෂී උදාහරණ වෙනුවෙන් සිකුරාදා දින නොබෙල් සාම ත්‍යාගය ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඇය මෙම සම්මානය දුක් විඳින වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් කැප කළාය.

නෝර්වේට අමතරව ඕස්ට්‍රේලියාවේ පිහිටි සිය තානාපති කාර්යාලය ද වසා දැමීමට වෙනිසියුලාව තීරණය කර ඇත. ඒ වෙනුවට, ඔවුන් බුර්කිනා ෆාසෝ (Burkina Faso) සහ සිම්බාබ්වේ (Zimbabwe) යන රටවල නව තානාපති කාර්යාල දෙකක් විවෘත කිරීමට සැලසුම් කර ඇත.

කෙසේවෙතත් නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, මෙම තීරණයට හේතුව වෙනිසියුලා තානාපති කාර්යාලය විසින් සඳහන් නොකළ බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top