වියට්නාමයේ හාලෝන්ග් බොක්කේ (Ha Long Bay) සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් 37 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බව වියට්නාම රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
වාර්තා වලට අනුව, මගීන් 48 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු රැගෙන යමින් තිබූ “වොන්ඩර් සී බෝට්” (Wonder Sea Boat) නමැති යාත්‍රාව සෙනසුරාදා (ජූලි 19) දහවල් හදිසි කුණාටුවක් හේතුවෙන් පෙරළී ඇත. මගීන් අතර ළමුන් 20කට අධික සංඛ්‍යාවක් ද සිටි බව වාර්තා වේ.
වියට්නාමයේ නිල පුවත් ඒජන්සිය (Vietnam News Agency – VNA) පවසා ඇත්තේ, සෙනසුරාදා සවස වන විට මුදාගැනීමේ කණ්ඩායම් විසින් දිවි ගලවා ගත් 10 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඉරිදා (ජූලි 20) උදෑසන වන විට මළ සිරුරු 37ක් සොයාගෙන ඇති බවයි. මුදාගැනීමේ කණ්ඩායම් රාත්‍රිය පුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ අතර, මේ වන විට බේරාගත් බෝට්ටුව ගොඩබිමට ගෙනැවිත් ඇති බව VNA වාර්තා කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.