විදේශයන්හි සිදුකරන රූපලාවන්‍ය සැත්කම්වල (cosmetic surgery) අවදානම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා, එක්සත් රාජධානියේ (UK) රජය, TikTok influencers සමඟ එක්ව කටයුතු කරයි.
විශේෂයෙන්ම අඩු වියදම් සහ කෙටි කාලයක් තුළ සිදු කිරීමට හැකිවීම හේතුවෙන්, හිසකෙස් බද්ධ කිරීම් (hair implants) සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර (dental work) වැනි ක්‍රියා පටිපාටි සඳහා විදේශගත වන බ්‍රිතාන්‍යයන් සංඛ්‍යාව වැඩි වීම පිළිබඳව බලධාරීන් අතර සැලකිල්ලක් මතුව ඇත.
වෛද්‍ය ක්ෂේත්‍රයේ අන්තර්ගත නිර්මාණකරුවන් (Medical content creators) ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි සැත්කමකට පෙර එක්සත් රාජධානියේ වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කරන ලෙසත්, සංචාරක රක්ෂණයක් (travel insurance) ලබා ගන්නා ලෙසත්ය.
මෙම පියවර, ඊනියා වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (medical tourism) මැඩපැවැත්වීම සඳහා රජය දියත් කරන පුළුල් වැඩසටහනක කොටසක් වන අතර, එංගලන්තයේ රූපලාවන්‍ය වෛද්‍යවරුන් සඳහා වන රෙගුලාසි තද කිරීමද ඊට ඇතුළත් වේ. මෙම ව්‍යාපාරය අනතුරු අඟවන්නේ, විදේශයන්හි රූපලාවන්‍ය සැත්කම් සඳහා අඩුම මිල වැඩිම මිලක් විය හැකි බවයි.
මෙමගින් අවදානම් පිළිබඳව දැනුවත් කිරීම, රෝගීන් ආරක්ෂා කිරීම සහ අසාර්ථක සැත්කම් නිවැරදි කිරීම සඳහා NHS (National Health Service) වෙත ගෙවීමට සිදුවන මුදල් වැළැක්වීම අරමුණු කරයි.
Doc Tally (අනුගාමිකයන් 240,000) සහ Midwife Marley (අනුගාමිකයන් 38,000) වැනි වෛද්‍ය influencers, මෙවැනි සංචාර හැකිතාක් ආරක්ෂිත කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් ලබා දෙන වීඩියෝ නිර්මාණය කරනු ඇත. එම වීඩියෝවල සැත්කමක් වෙන්කර ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු ඇතුළත් ලැයිස්තුවක් ද අඩංගු වනු ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.