රුසියාවේ (Russia) ඈත පෙරදිග පිහිටි ගිනි කන්දක් වසර 500කට පසුව පළමු වරට පුපුරා ගොස් ඇති අතර, විශේෂඥයන් පවසන්නේ, මෙය පසුගිය සතියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාවට සම්බන්ධ විය හැකි බවයි.
කම්චට්කා (Kamchatka) හි පිහිටි ක්‍රෂෙනින්නිකොව් (Krasheninnikov) ගිනි කන්ද රාත්‍රී කාලයේදී කිලෝමීටර හයක් (සැතපුම් 3.7ක්) දක්වා ඉහළට අළු වලාකුළක් විසි කර තිබෙනවා. ජනාවාස වූ ප්‍රදේශවලට තර්ජනයක් නොමැති බව රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසා ඇත.
මෙම සිදුවීම් දෙකම පසුගිය සතියේ ප්‍රංශ පොලිනීසියාව (French Polynesia) සහ චිලී (Chile) දක්වා ඈත ප්‍රදේශවල සුනාමි අනතුරු ඇඟවීම් ඇති කළ, 8.8ක ප්‍රබල භූමිකම්පාවකට සම්බන්ධ විය හැකියි. රුසියානු විශේෂඥයන් අනතුරු අඟවා තිබුණේ, බදාදා (ජූලි 30) ඇති වූ භූමිකම්පාවෙන් සති කිහිපයක් සඳහා ප්‍රබල පසු කම්පන ඇති විය හැකි බවයි. මෙය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවලින් එකක් වූ අතර, මිලියන ගණනක් ජනයා ඉවත් කරනු ලැබුවා.
කම්චට්කා ගිනි කඳු පුපුරා යාමේ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියාට අනුව, ක්‍රෂෙනින්නිකොව් හි අවසන් වරට පුපුරා යාම සිදු වී ඇත්තේ 15 වන සියවසේදීයි. කම්චට්කා අර්ධද්වීපය දුරස්ථ වුවද, එය “පැසිෆික් ගිනි වළල්ලේ (Pacific Ring of Fire)” පිහිටා ඇති අතර, එහි සිදුවන අධික භූමිකම්පා සහ ගිනි කඳු සංඛ්‍යාව නිසා එය එසේ නම් කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.