පසුගිය සති අන්තයේ උපත ලැබූ බිළිඳෙකු, “වඩාත්ම පැරණි බිළිඳා” ලෙස නව වාර්තාවක් තබා ඇත. ජූලි 26 වන දින උපත ලද තැඩියස් ඩැනියෙල් පියර්ස් (Thaddeus Daniel Pierce) නම් මෙම දරුවා, වසර 30හමාරක් පුරා ගබඩා කර තිබූ කළලයකින් (embryo) බිහි විය.
මෙම කතාව ආරම්භ වන්නේ 1990 ගණන්වල මුල් භාගයේදීය. ආචර්ඩ් වසර හයක් තිස්සේ ගැබ් ගැනීමට උත්සාහ කරමින් සිටියද එය අසාර්ථක විය. ඇය සහ ඇගේ සැමියා එකල තරමක් නව තාක්ෂණයක් වූ අයි.වී.එෆ්. (IVF) උත්සාහ කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත්, ඔවුන් එය සිදු කළ අතර, 1994 මැයි මාසයේදී, ඔවුන් කළල හතරක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඉන් එකක් ලින්ඩාගේ ගර්භාෂයට බද්ධ කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ නිරෝගී බිළිඳියක්. “දරුවෙකු ලැබීමට ලැබීම ගැන මම බොහෝ සේ සතුටු වුණා,” ආචර්ඩ් පවසයි. ඉතිරි කළල තුන ක්‍රයෝසංරක්ෂණය (cryopreserved) කර ගබඩා ටැංකියක තබා තිබුණා.
ඒ වසර 31කට පෙරය. අද වන විට, එම නිරෝගී බිළිඳිය අවුරුදු 30ක කාන්තාවක් වන අතර ඇයට අවුරුදු 10ක දියණියක්ද සිටිනවා. නමුත් අනෙක් කළල තුන කාලය තුළ ශීත කළ තත්ත්වයේ පැවතුණි.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.