වසර 20ක් කෝමා තත්ත්වයක සිටි සෞදි අරාබියේ “නිදන කුමරු” ලෙස ප්‍රචලිත වූ අල්-වලීඩ් බින් ඛාලිඩ් බින් තලාල් කුමරු (Prince Al-Waleed bin Khaled bin Talal) අභාවප්‍රාප්ත වූ බව සෞදි රාජකීය අධිකරණය සෙනසුරාදා (ජූලි 19) නිවේදනය කර ඇත.
සෞදි පාලක පවුලේ සාමාජිකයෙකු වන ඛාලිඩ් බින් තලාල් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරුගේ (Prince Khaled bin Talal bin Abdulaziz Al Saud) වැඩිමහල් පුත්‍රයා වන අල්-වලීඩ් බින් ඛාලිඩ් කුමරු, ධනවත් ව්‍යාපාරික අල්-වලීඩ් බින් තලාල් කුමරුගේ (Prince Al-Waleed bin Talal) බෑණනුවන් ද වේ. ඔහු 35 හැවිරිදි වියේදී මෙලෙස මිය ගොස් ඇත.
ඔහුව ඇඳට සීමා කළ අනතුර සිදු වූයේ 2005 දී එක්සත් රාජධානියේදී (UK) යි. එවකට 15 හැවිරිදි කුමරු ලන්ඩන් කැඩෙට් ඇකඩමියේ (London Cadet Academy) අධ්‍යාපනය ලබමින් සිටියදී එක්සත් රාජධානියේදී දරුණු රිය අනතුරකට ලක් වී ඇත. ඔහුට මොළයේ දරුණු තුවාලයක් සහ අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වූ අතර, එය වසර 20ක් පමණ ඔහු කෝමා තත්ත්වයකට පත් කළා. පසුව ඔහුව රියාද්හි කිං අබ්දුලාසිස් වෛද්‍ය නගරයට (King Abdulaziz Medical City) ගෙන ගිය අතර, 2005 වසරේ සිට ඔහු කෝමා තත්වයේ සිට ඇත.
වසර ගණනාවක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ස්පාඤ්ඤයේ විශේෂඥයින් ඔහුට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළද, සැබෑ ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි විය. 2017 මුල් භාගයේදී, වෛද්‍ය දූත පිරිසක්, එක්සත් ජනපදයේ තිදෙනෙකු සහ ස්පාඤ්ඤයේ එක් අයෙකු ඇතුළු වෛද්‍යවරුන් හතර දෙනෙකුගෙන් සමන්විතව, “ඔහුගේ හිසෙන් රුධිර වහනය නැවැත්වීමට” ශල්‍යකර්මයක් සිදු කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.