වයස අවුරුදු 70ට වැඩි රියදුරන්ට අනිවාර්ය අක්ෂි පරීක්ෂණ: එංගලන්තයේ සහ වේල්සයේ රිය පැදවීම තහනම් වීමේ අවදානමක්

එංගලන්තයේ සහ වේල්සයේ (England and Wales) රිය පැදවීමේ නීතිවල සිදු කරන පුළුල් සංශෝධනවල කොටසක් ලෙස, වයස අවුරුදු 70ට වැඩි රියදුරන් අනිවාර්ය අක්ෂි පරීක්ෂණවලින් (compulsory eye tests) අසමත් වුවහොත්, ඔවුන්ට රිය පැදවීම තහනම් විය හැකිය. මීට අමතරව, ස්කොට්ලන්තයේ (Scotland) නීතිවලට අනුකූලව බීමත් රිය පැදවීමේ සීමාව අඩු කිරීමට සහ ආසන පටි නොපළඳින (seatbelt) මගීන්ට දඬුවම් ලකුණු හඳුන්වා දීමට ද මෙම සැලසුම්වලට ඇතුළත් වේ.

ඇස් පෙනීම දුර්වල රියදුරන් හේතුවෙන් සිදු වූ මරණ හතරක් පිළිබඳ විමර්ශනයකින් පසු, එක්සත් රාජධානියේ (UK) බලපත්‍ර ලබා දීමේ ක්‍රමය යුරෝපයේ වඩාත්ම ලිහිල් බවට අධිකරණ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා. මෙම වෙනස්කම්, රථවාහන ආරක්ෂාව පිළිබඳ නව රජයේ උපායමාර්ගයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අතර, මෙම උපායමාර්ගය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දැන්, වයස අවුරුදු 70ට වැඩි අයට ඔවුන්ගේ රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී සෑම වසර තුනකට වරක් අක්ෂි පරීක්ෂණයක් කිරීමට නව අවශ්‍යතාවයක් ප්‍රවාහන ලේකම්වරයා විසින් සකස් කරමින් සිටී.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top