ආගමන වැටලීම් හේතුවෙන් ඇති වූ විරෝධතා සහ නොසන්සුන්තාවෙන් පසුව පනවන ලද රාත්‍රී ඇඳිරි නීතිය ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් (Karen Bass) මහත්මිය විසින් ඉවත් කර තිබේ. ලොස් ඇන්ජලීස් නගර මධ්‍යයේ කොටසක රාත්‍රී 8 සිට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වූ මෙම ඇඳිරි නීතිය, මුලින් ලිහිල් කර පසුව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.
නගරාධිපති බාස් පැවසුවේ, ඇඳිරි නීතිය සහ අනෙකුත් ආරක්ෂක ක්‍රියාමාර්ග ව්‍යාපාර සහ අසල්වැසි ප්‍රදේශ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම්වලින් ආරක්ෂා කිරීමට උපකාරී වූ බවයි. මෙම විරෝධතා ආරම්භ වූයේ, වාර්තාගත නොවූ සංක්‍රමණිකයන් ඉලක්ක කර ගනිමින් මෑතකදී සිදු කළ වැටලීම්වලට ප්‍රතිචාර වශයෙනි.
ජනවාරි මාසයේදී නැවත බලයට පත් වී දැඩි සංක්‍රමණ නීති ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විශේෂයෙන් මහජන කෝපයක් මේ හේතුවෙන් හටගත් අතර මෙය ට්‍රම්ප් නැවත බලයට පත්වීමෙන් පසු සිදුවූ දරුණුතම විරෝධතාවය බවට වාර්තාවේ .
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.