ලොව වැඩිම කාලයක් සේවය කළ KFC සේවිකාව මියයයි

වසර 47ක් එකම ආයතනයේ සේවය කිරීමෙන් පසු, ලොව වැඩිම කාලයක් සේවය කළ KFC සේවිකාව අභාවප්‍රාප්ත වී ඇති අතර, ඇයට උපහාර රැසක් පුද කර ඇති බව වාර්තා වේ. බොහෝ දෙනා විසින් “මිස් KFC” (Miss KFC) ලෙස හැඳින්වූ පෝලීන් රිචඩ්ස් (Pauline Richards) 1978 දී ටෝන්ටන් (Taunton) හි ඊස්ට් ස්ට්‍රීට් (East Street) අවන්හලේ සිය සේවය ආරම්භ කර ඇත.

ඇය සිය වෘත්තීය ජීවිතය පිරිසිදු කරන්නියක් ලෙස ආරම්භ කළ නමුත්, පසුව කණ්ඩායම් නායිකාව සහ කළමනාකාරිනිය ඇතුළු ගබඩාවේ සෑම කාර්යභාරයක්ම පාහේ ඉටු කිරීමට සමත් වී ඇත. ඇය කරුණාවන්ත, දයානුකම්පිත කාන්තාවක් බවත්, හාස්‍යජනක ගතිගුණ ඇති බවත් ටෝන්ටන් වැසියන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් උපහාරයට ලක්වී ඇත.

ටෝන්ටන් නගර සභාව පැවසුවේ, රිචඩ්ස් මහත්මියගේ අභාවය ගැන කණගාටු වන බවත්, ඇය නගරයේ මිත්‍රශීලී සහ සුප්‍රසිද්ධ මුහුණක් වූ බවත්ය. මේ වසරේ මාර්තු මාසයේදී Civic Awards හි සම්මානයකින් පිදුම් ලැබීමටද ඇය වාසනාවන්ත වී ඇති අතර එය ඉතාමත් සතුටට හා ගෞරවයට කරුණක් යනුවෙන් නගර සභා ප්‍රකාශකයෝ පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top