ලොව වයස්ගතම රාජ්‍ය නායකයා වන කැමරූන් (Cameroon) ජනාධිපති, 92 හැවිරිදි පෝල් බියා (Paul Biya) ඔක්තෝබර් මාසයේදී යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසා ඇත. ඒ, වසර 43ක සිය පාලන කාලය දීර්ඝ කර ගැනීමේ අරමුණින්. අටවැනි ධුර කාලයක් සඳහා ඉදිරිපත් වීමට තමා ගත් තීරණය, කැමරූනයේ සහ ඩයස්පෝරාවේ (diaspora) සියලුම ප්‍රදේශවලින් ජනතාවගෙන් ලැබුණු විශාල ඉල්ලීම්වලින් පසුව සිදු වූවක් බවද ඔහු පවසා ඇත.
බියාගේ පාලනයට එරෙහිව දූෂණ සහ වංචා චෝදනා මෙන්ම දුර්වල පාලනය සහ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ පාලනය කිරීමේ හැකියාව පිළිබඳවද ගැටලු පළ වී ඇත. පසුගිය වසරේ සති හයකට වැඩි කාලයක් ඔහු ප්‍රසිද්ධියේ නොපැමිණීම ඔහුගේ යහපැවැත්ම පිළිබඳව අනුමාන කිරීමට සහ ඔහු මියගොස් ඇති බවට අසත්‍ය කටකතා පැතිරවීමට හේතු වී ඇත.
බියා 1982 දී බලයට පත් වූ දා සිට කිසිදු මැතිවරණයකින් පරාජය වී නොමැති අතර, ඔහු තවත් වසර හතක ධුර කාලයක් දිනා ගන්නේ නම්, ඔහුට වයස අවුරුදු 100ට ආසන්න වන තෙක් ජනාධිපති විය හැකිය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.