ලොව පැරණිතම බූමරංගය වසර 40,000ක් පැරණි බවට අනාවරණය වේ: පුරාණ මානව දක්ෂතාවලට නව එළියක්

1985 දී පෝලන්තයේ ගුහාවකින් සොයාගත් ලොව පැරණිතම බූමරංගය, කලින් සිතුවාට වඩා පැරණි බව (වසර 40,000ක් පැරණි) දැන් විශ්වාස කෙරේ. මෙම සොයාගැනීම මුල් කාලීන මානවයන්ගේ කැපී පෙනෙන කුසලතා පිළිබඳව නව ආලෝකයක් විහිදුවයි.

දැවැන්තයෙකුගේ (mammoth) දළයකින් සාදා ඇති මෙහි දක්ෂ නිර්මාණය අනුව, එය විසි කළ විට ගමන් කරන්නට ඇතත්, නැවත විසි කළ තැනැත්තා වෙත පැමිණෙන්නට නොමැති බව පර්යේෂකයෝ පවසති. මෙය බොහෝ දුරට දඩයම් කිරීම සඳහා භාවිතා කරන්නට ඇති අතර, සංස්කෘතික හෝ කලාත්මක වටිනාකමක් ද තිබෙන්නට ඇතැයි සැලකේ.

මුලින් වසර 30,000ක් පමණ පැරණි යැයි සිතූ මෙම බූමරංගය, දකුණු පෝලන්තයේ ඔබ්ලාසෝවා (Oblazowa) ගුහාවේ තිබී සොයාගෙන ඇත. එම ස්ථානයෙන් හමු වූ මානව හා සත්ව අස්ථි පිළිබඳ නව, වඩා විශ්වාසනීය රේඩියෝකාබන් දින නිර්ණය කිරීම් අනුව, එහි වයස වසර 39,000 ත් 42,000 ත් අතර බව තහවුරු වී තිබේ.

ඉතාලියේ බොලොග්නා විශ්ව විද්‍යාලයේ (University of Bologna) ආචාර්ය සහ්රා තලමෝ (Dr. Sahra Talamo) මෙය “ලොව පැරණිතම බූමරංගය වන අතර, මෙම හැඩයෙන් සහ මෙම දිගින් යුත් බූමරංගයක් පෝලන්තයෙන් සොයාගත් එකම අවස්ථාව” බව පැවසුවාය. වසර 42,000 කට පෙර ජීවත් වූ හෝමෝ සේපියන්වරුන් (Homo sapiens) සතුන් දඩයම් කිරීමට භාවිත කළ හැකි “මෙවැනි පරිපූර්ණ වස්තුවක්” නිර්මාණය කළ ආකාරය පිළිබඳව මෙය “සුවිශේෂී අවබෝධයක්” ලබා දෙන බව ද ඇය අවධාරණය කළාය.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top