ලොව පළමු ‘ගැබිනි මානව රොබෝව’ නිපදවීමට චීනය සූදානම් වෙයි

චීනයේ විද්‍යාඥයින්, මිනිස් දරුවෙකුට උපත දීමට හැකි වන පරිදි, ලොව ප්‍රථම ‘ගැබිනි මානව රොබෝව’ නිපදවමින් සිටින බව වාර්තා වේ. විශේෂඥයින්ට අනුව, මෙම මානව රොබෝවරයා, හෝස් (hose) හරහා පෝෂ්‍ය පදාර්ථ (nutrients) ලබා ගන්නා කෘත්‍රිම ගර්භාෂයකින් (artificial womb) සමන්විත වනු ඇත.

කායිවා ටෙක්නොලොජි (Kaiwa Technology) නම් සමාගම ආරම්භ කළ ආචාර්ය ෂැන්ග් ක්විෆෙන්ග් (Dr. Zhang Qifeng) මෙම යන්ත්‍රය නිපදවයි. ආසියානු මාධ්‍ය ආයතන වාර්තා කරන්නේ, ඔහු විසින් නිර්මාණය කරන ලද මෙම උපකරණය, සරල ඉන්කියුබේටරයක් (incubator) පමණක් නොව, පිළිසිඳ ගැනීමේ සිට දරු ප්‍රසූතිය දක්වා සම්පූර්ණ ක්‍රියාවලියම අනුකරණය කළ හැකි මානව රොබෝවරයෙකු බවයි.

කෘත්‍රිම ගර්භාෂ තාක්ෂණය දැනටමත් ‘පරිණත අවධියක’ පවතින බවත්, එය රොබෝවරයාගේ උදරය තුළ තැන්පත් කළ යුතු බවත්, එවිට සැබෑ පුද්ගලයෙකුට සහ රොබෝවරයාට ගැබ් ගැනීමක් සිදු කිරීමට අන්තර් ක්‍රියා කළ හැකි බවත් ඔහු පවසා ඇත.

මීළඟ වසරේදී මෙම රොබෝවරයාගේ මූලාකෘතියක් (prototype) නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර, එහි විකුණුම් මිල යුවාන් 100,000ක් (යුරෝ 10,000ක්) පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු Daily Mail ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top