ඉතාලි ප්‍රධාන භූමිය සිසිලිය (Sicily) මධ්‍යධරණී දූපතට (Mediterranean island) සම්බන්ධ කරන, ලොව දිගම තනි-කළවය සහිත පාලම (longest single-span bridge) ඉදි කිරීමට එරෙහිව සිසිලියේ දහස් ගණනක් ජනතාව උද්ඝෝෂණ පවත්වනවා.
යුරෝ බිලියන 13.5ක් (ඇමරිකානු ඩොලර් බිලියන 15.7ක්) වටිනා මෙම යටිතල පහසුකම් ව්‍යාපෘතියට එරෙහිව සිය විරෝධය පළ කිරීම සඳහා සිසිලියානු මෙසීනා (Messina) නගරයේ උද්ඝෝෂකයෝ 10,000ක් පමණ පෙළපාලියක් පැවැත්වූහ. එහිදී පදිංචිකරුවන්, යෝජිත මෙසීනා සමුද්‍ර සන්ධි පාලම් (Strait of Messina Bridge) ව්‍යාපෘතිය එහි විශාලත්වය, භූමිකම්පා තර්ජන, පාරිසරික බලපෑම් සහ මාෆියා කණ්ඩායම්වල (mafia interference) විභව මැදිහත්වීම් හේතුවෙන් විරෝධය දක්වයි.
දශක ගණනාවක් තිස්සේ මෙම පාලම ඉදිකිරීමේ අදහස විවාදයට ලක් වූවක්. කෙසේ වෙතත්, මෙම සතියේදී උපායමාර්ගික මහජන ආයෝජන අධීක්ෂණය කරන රජයේ කමිටුවක් මෙම සැලැස්ම අනුමත කිරීමත් සමඟ එය ඉදිරියට ගෙන යාමට ප්‍රධාන පියවරක් තැබුවා.
ප්‍රවාහන අමාත්‍ය මැටියෝ සැල්විනි (Matteo Salvini) පවසා ඇත්තේ, මෙම ව්‍යාපෘතියෙන් වාර්ෂිකව රැකියා 120,000ක් දක්වා ප්‍රමාණයක් නිර්මාණය වන අතර, තවත් බිලියන ගණනක් අවට මාර්ග සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සඳහා ආයෝජනය කරන බැවින්, එය දකුණු ඉතාලියේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට උපකාරී වනු ඇති බවයි.
කෙසේ වෙතත්, විචාරකයින් මෙය විශ්වාස නොකරන අතර, පාලම ඉදිකිරීම සඳහා පවුල් 500ක් පමණ ඔවුන්ගේ දේපළවලින් ඉවත් කිරීමට සිදුවීම ගැන කෝපයට පත් වී ඇත. සැල්විනි පවසන්නේ, මෙම පවුල් සඳහා වන්දි ගෙවනු ඇති බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.