ලොව උසම පාලම සාර්ථකව පරීක්ෂණ අවසන් කරයි

ලොව උසම පාලම ලෙස සැලකෙන චීනයේ හුවාජියෑං ග්‍රෑන්ඩ් කැන්‍යන් පාලම (Huajiang Grand Canyon Bridge) ඉදිරි මාසයේදී විවෘත කිරීමට නියමිත අතර, මේ වන විට එහි ප්‍රධාන භාර-දරණ (load-bearing) පරීක්ෂණ සාර්ථකව නිම කර තිබෙනවා.

ගූයිෂෝ පළාතේ (Guizhou province) ගඟක් හරහා මීටර 625ක් (අඩි 2,083ක්) උසින් ඉදි කර ඇති මෙම පාලම සම්පූර්ණ කිරීමෙන් පසු ලොව උසම පාලම ලෙසත්, කඳුකර ප්‍රදේශයක ඉදි කරන ලද විශාලතම පාලම ලෙසත් වාර්තා තබනු ඇත.

පාලමේ ව්‍යුහාත්මක අඛණ්ඩතාව පරීක්ෂා කිරීම සඳහා, දින පහක් පුරා පරීක්ෂණ කණ්ඩායමක් විසින් ට්‍රක් රථ 96ක් නියමිත ස්ථානවලට ධාවනය කර තිබෙනවා. වාහන ගමනාගමනය සඳහා ආරක්ෂිත බව තහවුරු කිරීමට පෙර සිදු කරන අවසාන පියවර මෙය වන අතර, එමගින් පාලම රථ වාහනවල බරට ඔරොත්තු දෙන බව තහවුරු විය.

පාලම සැප්තැම්බර් අග වන විට විවෘත කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය, ගමනාගමන සහ ආර්ථික සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරනවා.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top