ලුයිගි මැංගියෝනේගේ (Luigi Mangione) රුව ෂෙයින් (Shein) වෙබ් අඩවියේ කමිසයක් සඳහා යොදා ගැනීම පිළිබඳව පරීක්ෂණ

පසුගිය වසරේ නිව්යෝර්ක්හිදී යුනයිටඩ් හෙල්ත් කෙයාර් හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්ප්සන් ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටින ලුයිගි මැංගියෝනේගේ රුව ෂර්ට් එකක් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ක්ෂණික විලාසිතා දැවැන්තයා වන ෂයින් (Shein) සමාගම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සුදු පැහැති, කෙටි අත් සහිත ෂර්ට් එකක් ඇඳ සිටින මැංගියෝනේගේ රුවට සමාන රුවක් සහිත ඡායාරූපයක්, වෙබ් අඩවියෙන් ඉවත් කරන තුරු එහි දිස්ව තිබිණි. ඔහු නිරූපණය කළ නිෂ්පාදනය ඩොලර් 10කට (පවුම් 7.50ක්) අඩු මුදලකට අලෙවි කර ඇති බව සඳහන් වේ.

ෂයින් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, අදාළ ඡායාරූපය තෙවන පාර්ශවීය වෙළෙන්දෙකු විසින් සපයන ලද අතර, එය සොයා ගත් වහාම ඉවත් කර ඇති බවයි. සම්පූර්ණ පරීක්ෂණයක් මගින් අධීක්ෂණ ක්‍රියාවලීන් ශක්තිමත් කරමින්, ප්‍රතිපත්තිවලට අනුකූලව අදාළ වෙළෙන්දාට එරෙහිව සුදුසු පියවර ගැනීමට කටයුතු කරනු ලබන බව ඔහු තවදුරටත් පවසා ඇත.

මෙම ඡායාරූපය කොපමණ කාලයක් භාවිතයේ පැවතියේද යන්න හෝ එය චීන සමාගමේ වෙබ් අඩවියේ අලෙවි කළේ කවුරුන්ද යන්න නොදනී. මාර්ගගත වාර්තා වලට අනුව, මෙම රූපය කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කර ඇති බවට සැක කෙරේ. මැංගියෝනේ මේ වන විට නඩු විභාගයක් සඳහා බන්ධනාගාරයේ සිටී.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top