පෘතුගාලයේ අගනුවර වන ලිස්බන්හි ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වන වසර 140ක් පැරණි ග්ලෝරියා ෆියුනිකුලර් දුම්රිය පීලි පැනීමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. හදිසි සේවා නිලධාරීන්ට අනුව, තවත් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල ය. බලධාරීන් පවසා ඇත්තේ, අනතුරට පත් වූවන් අතර විදේශිකයන් ද සිටින බවයි.
මෙම සිදුවීම පිළිබඳව විවිධ පරීක්ෂණ ආරම්භ වී ඇති අතර, ඒවා අදාළ සමාගම, ජාතික ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය සහ අපරාධ පොලිසිය විසින් සිදු කෙරේ. ලිස්බන්හි පොදු ප්‍රවාහන ක්‍රියාකරු වන කැරිස් (Carris) හි ප්‍රධානියා, සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අවශ්‍ය පරිදි සෑම වසර හතරකට වරක් සහ වසර දෙකකට වරක් ප්‍රධාන නඩත්තු කටයුතු සිදු කර ඇති බවත්, දිනපතා, සතිපතා සහ මාසික පරීක්ෂාවන් ද සිදු කළ බවයි.
කෙසේ වෙතත්, ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා අනුව, කේබල් මගින් ක්‍රියාත්මක වන මෙම දුම්රියේ තිරිංග පද්ධතිය අසාර්ථක වී ඇති බවත්, එය අධික වේගයෙන් වීදිය දිගේ පහළට ගොස් ගොඩනැගිල්ලක ගැටී ඇති බවත් සඳහන් වේ. අවිංඩා ද ලිබර්ඩේඩා (Avenida da Liberdade) අසල සිදුවූ මෙම අනතුර සිදුවන විට දුම්රියේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව තවමත් පැහැදිලි නැත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.