රෝගී සහ තුවාල ලැබූ ගාසා තීරයේ ළමුන් පිරිසක් එක්සත් රාජධානියට

ගාසා තීරයෙන් (Gaza) දැඩි ලෙස රෝගාතුර වූ සහ තුවාල ලැබූ පලස්තීන දරුවන් 30ත් 50ත් අතර පිරිසක් ඉදිරි සති කිහිපය තුළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට (UK) ගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

මෙම දරුවන්, විදේශ කටයුතු කාර්යාලය, ස්වදේශ කටයුතු කාර්යාලය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධීකරණය කරනු ලබන රජයේ මෙහෙයුමක කොටසක් ලෙස එක්සත් රාජධානියට ප්‍රතිකාර සඳහා ගෙන එන පළමු දරුවන් පිරිස වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) විසින් මෙම දරුවන් තෝරාගනු ලබන අතර, ඔවුන් පවුලේ සාමාජිකයන් සමඟ තුන්වන රටක් හරහා ගමන් කරනු ඇත. එහිදී ඔවුන්ගේ ජෛවමිතික දත්ත (biometric data) එකතු කරනු ඇත.

මන්ත්‍රීවරුන් රජයට ලිපියක් ලියමින්, රෝගී සහ තුවාල ලැබූ දරුවන් ප්‍රමාදයකින් තොරව ගාසා තීරයේ සිට එක්සත් රාජධානියට ගෙන එන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා. පසුගිය සතියේ, මන්ත්‍රීවරුන් 96 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතියේ විනාශය හේතුවෙන් දරුවන්ට ක්ෂණික මරණ අවදානමක් ඇති බවට අනතුරු අඟවා ඇති අතර, ඉවත් කිරීමට ඇති ඕනෑම බාධාවක් වහාම ඉවත් කළ යුතු බව සඳහන් කර තිබුණා.

Project Pure Hope (PPH) නම් සංවිධානයේ මුලපිරීමක් හරහා ගාසා තීරයේ දරුවන් දැනටමත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලිකව එක්සත් රාජධානියට ගෙනැවිත් ඇත. අගෝස්තු මස තුලදී, වැඩිපුර දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට ගෙන ඒමේ සැලසුම් වේගයෙන් සිදු කරමින් සිටින බව රජය පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top