රුසියාව සමඟ යුක්රේන යුද්ධයට යොදවන ලද හමුදාවන්ට උතුරු කොරියානු නායක කිම් ප්‍රශංසා කරයි

යුක්රේනයට එරෙහිව රුසියාව (Russia) සමඟ යුද්ධයට යොදවන ලද තම හමුදාවන්ට, උතුරු කොරියාවේ (North Korea) නායක කිම් ජොන් උන් (Kim Jong Un) ප්‍රශංසා කර ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. හමුදාවේ විදේශ මෙහෙයුම්වල නිලධාරීන් සමඟ පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඔහු රුසියාවේ Kursk කලාපයේ සේවය කරන නිලධාරීන්ට සහ සොල්දාදුවන්ට “උණුසුම් දිරිගැන්වීමක්” ලබා දුන් බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) වාර්තා කර ඇත. බුද්ධි අංශ පවසන පරිදි, පියොංග්යැං (Pyongyang) සටන්කාමීන් 10,000කට වැඩි පිරිසක් එම ප්‍රදේශයට යවා ඇත.

රුසියාව සහ උතුරු කොරියාව, වඩ වඩාත් සමීප සබඳතා ගොඩනඟා ගනිමින් සිටින අතර, උතුරු කොරියාව අප්‍රේල් මාසයේදී රුසියානු හමුදා සමඟ සටන් කිරීමට තම සොල්දාදුවන් කණ්ඩායමක් පෙරමුණට යවා ඇති බව ප්‍රථම වරට තහවුරු කර ඇත.

දකුණු කොරියානු සහ බටහිර බුද්ධි අංශ පවසා ඇත්තේ, පියොංග්යැං 2024 දී රුසියාවේ Kursk කලාපයට සොල්දාදුවන් 10,000කට වැඩි පිරිසක්, කාලතුවක්කු උණ්ඩ, මිසයිල සහ දිගු දුර රොකට් පද්ධති සමඟ යවා ඇති බවයි. රුසියාව වෙනුවෙන් සටන් වැදුණු උතුරු කොරියානු සොල්දාදුවන් 600ක් පමණ මිය ගොස් ඇති අතර දහස් ගණනක් තුවාල ලබා ඇති බව සෝල් (Seoul) නගරය ප්‍රකාශ කර ඇත.

කිම්ගේ මෙම අදහස් පළ වී ඇත්තේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා, මෑත දිනවලදී දෙරටේම නායකයින් සමඟ ඉහළ පෙළේ සාකච්ඡා පවත්වමින් සිටින අතරතුරය.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top