රුසියාව විසින් යුක්රේන අගනුවර වන කීව් (Kyiv) වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් තවත් පිරිසකට තුවාල සිදු වී ඇති බව වාර්තා වේ.
ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) පවසා ඇත්තේ, ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මියගිය අය අතර දරුවන් දෙදෙනෙකුද සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඉහොර් ක්ලිමෙන්කෝ (Ihor Klymenko) සඳහන් කර ඇත. කීව් නගරාධිපති විටාලි ක්ලිච්කෝ (Vitali Klitschko) මෙය දැවැන්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වා ඇති අතර, පුද්ගලයන් 38 දෙනෙකුට තුවාල සිදුව ඇති බවත්, ඔවුන්ගෙන් 30 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් පවසා ඇත.
මෙම ප්‍රහාරය සඳහා මොස්කව් විසින් බැලිස්ටික් සහ කෲස් මිසයිල මෙන්ම ඉරාන තාක්ෂණයෙන් නිපදවන ලද ‘Shahed’ ඩ්‍රෝන යානාද විවිධ දිශාවලින් යොදා ගනිමින් නේවාසික ගොඩනැගිලි ඉලක්ක කර ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයෙන් නැඟුණු ප්‍රබල පිපිරීම් සහ දුම් කඳන් නිසා, කීව් නගරයේ දිස්ත්‍රික්ක ගණනාවක ගොඩනැගිලිවලට හානි සිදු වී ඇත. සති ගණනාවකට පසු කීව් වෙත එල්ල වූ පළමු ප්‍රධාන ඒකාබද්ධ ප්‍රහාරය මෙයයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.