රුසියාවෙන් (Russia) තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) නැවත වරක් ඉන්දියාවට (India) තර්ජනය කර ඇති අතර, ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන තීරුබදු (tariffs) සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවට ඔහු පවසා තිබෙනවා.
ට්‍රම්ප් Truth Social හි පළ කරන ලද සටහනක පවසා ඇත්තේ, ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගන්නවා පමණක් නොව, මිලදී ගත් තෙල්වලින් වැඩි ප්‍රමාණයක් විවෘත වෙළඳපොලේ විශාල ලාභයකට විකුණන බවත්ය.
මේ හේතුව නිසා, ඉන්දියාව විසින් එක්සත් ජනපදයට ගෙවන තීරුබදු සැලකිය යුතු ලෙස ඉහළ නංවන බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත්, තීරුබදු ප්‍රමාණය කොපමණක්ද යන්න සදහන් කර නොමැත.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.