රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩෙස්සා නගරයේ එක් අයෙක් මරුට, 14කට තුවාල

යුක්‍රේනයේ ඔඩෙස්සා (Odesa) නගරයට රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්  එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි, ගෑස් නල මාර්ගයක්, දුම්රිය යටිතල පහසුකම් සහ විශ්ව විද්‍යාලයකට හානි සිදුව ඇත.ඩ්‍රෝරෝන ප්‍රහාර එල්ල වීමෙන් උස් මහල් නිවාසවල විශාල ගිනි ගැනීම් සිදුවූ බව හදිසි සේවා වාර්තා කළේය.

රුසියාව විසින් ඩ්‍රෝන යානා 86ක් දියත් කර ඇති බව යුක්‍රේන ගුවන් හමුදාව වාර්තා කළ අතර, ඉන් 34ක් බිම හෙළා ඇති අතර, 36ක් ඉලෙක්ට්‍රොනික යුද ක්‍රම භාවිතයෙන් වෙනතකට යොමු කිරීමට හැකි වී තිබේ.

යුක්‍රේනයේ විශාලතම කළු මුහුදේ වරාය වන ඔඩෙස්සා, යුද්ධය අතරතුර නිරන්තර ප්‍රහාරවලට ලක්වූ ඉලක්කයක් වී ඇත. රුසියානු ඩ්‍රෝන යානා කාර්කිව් (Kharkiv) වෙත ද ප්‍රහාර එල්ල කර ඇති අතර, එහි නිවාසවලට ද හානි සිදු වී ඇත.ඔඩෙස්සා දුම්රිය ස්ථානයේ විදුලි රැහැන්වලට සහ දුම්රිය මාර්ගවලට හානි සිදුව ඇති බව දුම්රිය නිලධාරීන් තහවුරු කළේය.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top