ට්‍රම්ප් සිකුරාදා (අගෝස්තු 1) කියා සිටියේ, නවතම රැකියා වාර්තාව වංචා කර ඇති බවත්, එය තමා පිළිබඳව වැරදි පෙනුමක් ලබා දීමට සිදු කළ බවත් පවසමින්, කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (Bureau of Labor Statistics – BLS) අධ්‍යක්ෂවරිය වන එරිකා මැක්එන්ටාෆර් (Erika McEntarfer) සේවයෙන් පහ කර ඇත.
රැකියා සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීමේ වගකීම දැරූ ඉහළම නිලධාරිනිය සේවයෙන් පහ කිරීම, වැදගත් ආර්ථික දත්තවල අනාගත විශ්වසනීයත්වය පිළිබඳ කනස්සල්ලට හේතු වීමෙන් පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) මෙම ක්‍රියාව ධවල මන්දිරය (White House) විසින් ආරක්ෂා කර තිබෙනවා.
ධවල මන්දිරයේ ජාතික ආර්ථික කවුන්සිලයේ (National Economic Council) අධ්‍යක්ෂ කෙවින් හැසෙට් (Kevin Hassett) පවසා ඇත්තේ “ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ, අප සංඛ්‍යා දකින විට, ඒවා වඩාත් විනිවිදභාවයෙන් සහ විශ්වසනීයත්වයෙන් යුක්ත වීමට තමාගේම පිරිසක් එහි සිටිනවා දැකීමටයි” යනුවෙනි.
එක්සත් ජනපද වෙළඳ නියෝජිත ජේමසන් ග්‍රීර් (Jamieson Greer) ද ට්‍රම්ප් විසින් මැක්එන්ටාෆර් සේවයෙන් පහ කිරීම ආරක්ෂා කරමින්, රැකියා දත්ත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැඩි ස්ථාවරත්වයකින් ක්‍රියාකල බව පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.