ඉන්දියාවේ රාජස්ථාන් (Rajasthan) ප්‍රාන්තයේ Jhalawar දිස්ත්‍රික්කයේ රජයේ පාසල් ගොඩනැගිල්ලක් අද (ජූලි 25) කඩා වැටීමෙන් අවම වශයෙන් ළමුන් හය දෙනෙකු මියගොස්, දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.
මනෝහර් තානා (Manohar Thana) හි පිප්ලෝඩි රජයේ පාසලේදී (Piplodi Government School) මෙම අනතුර සිදුව ඇත්තේ පෙරවරු 8.30ට පමණයි. නිලධාරීන් පැවසුවේ, තනි මහල් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටෙන අවස්ථාවේදී ගුරුවරුන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අමතරව ළමුන් 60ක් පමණ පරිශ්‍රයේ සිට ඇති බවයි.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් වහලය හදිසියේම කඩා වැටී තිබෙනවා. ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පැවති අතර, මේ සම්බන්ධයෙන් කලින් පැමිණිලි කිහිපයක්ම ලබා දී ඇති බවත් සදහන් වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු NDTV ඇසුරෙනි.