‘රගාසා’ (Ragasa) සුපිරි සුළි කුණාටුව (Super typhoon) පිලිපීනයේ (Philippines) උතුරු ප්‍රදේශයට ඇතුළු වෙමින් ඇති බැවින් දහස් ගණනක් දෙනා ඉවත් කර ඇත.
පැයට කිලෝමීටර 230ක (143mph) වේගයකින් යුත් සුළං සහිතව, රගාසා සුළි කුණාටුව පිලිපීනයේ උතුරු කගයාන් (Cagayan) පළාතේ පනුයිටන් (Panuitan) දූපතට සඳුදා දේශීය වේලාවෙන් පස්වරු 3:00ට පමණ ඇතුළු වී ඇති බව එරට කාලගුණ අධිකාරිය පවසයි. එය බටහිර දෙසට දකුණු චීනය දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රගාසා විසින් මීටර 3 (අඩි 10) ඉක්මවන උසකින් යුත් ජීවිතයට තර්ජනයක් වන තරමේ කුණාටු රළ ඇති කළ හැකි බවද පිලිපීන කාලගුණ කාර්යාංශය අනතුරු අඟවයි. එමෙන්ම, පුළුල් ගංවතුර සහ නායයෑම්, නිවාස සහ යටිතල පහසුකම්වලට හානි සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ෂෙන්සෙන් (Shenzhen) නගරයේ බලධාරීන් පුද්ගලයන් 400,000ක් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා. හොංකොං (Hong Kong) බලධාරීන් ද ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇත. මේ අතර, සුළි කුණාටුව චීනයට සහ තායිවානයට ද බලපා ඇති බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.