‘රගසා’ චීනයට ළඟා වේ; තායිවානයේ 17ක් මරුට!

තායිවානයේ පුද්ගලයන් 17 දෙනෙකුගේ මරණයට හේතු වූ, ‘රගසා’ සුළි කුණාටුව මේ වනවිට චීනයට ළඟා වී ඇති අතර, ඒ හේතුවෙන් මිලියන 2කට ආසන්න පිරිසක් ඉවත් කර තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් තායිවානයේ විලක් පිටාර ගැලීමෙන් නැගෙනහිර ප්‍රදේශයට දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, භූ විද්‍යාඥයින් එය හඳුන්වා ඇත්තේ කඳුකරයෙන් හමා ආ සුනාමියක් ලෙසිනි.

දින ගණනාවක් තිස්සේ දකුණු චීන මුහුදට බලපෑම් කළ මෙම සුළි කුණාටුව, මේ වසරේ ලොව බලවත්ම කුණාටුව වන අතර, පැයට කිලෝමීටර 241ක (සැතපුම් 150) වේගයකින් හමායමින් පවතී.

‘රගසා’ සුළි කුණාටුව හොංකොං දේශසීමාවෙන් ගමන් කළ ද, එයින් පුද්ගලයන් 90 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තද සුළං සහ අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top