යේමන (Yemen) වෙරළට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරළීමෙන් අප්‍රිකානු සරණාගතයින් සහ සංක්‍රමණිකයන් (refugees and migrants) අවම වශයෙන් 68 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 74 දෙනෙකු අතුරුදහන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ඒජන්සිය (United Nations migration agency) පවසනවා.
යේමනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ (International Organization for Migration – IOM) ප්‍රධානී අබ්දුසට්ටෝර් එසොව් (Abdusattor Esoev) පැවසුවේ, ඉතියෝපියානුවන් (Ethiopians) 154 දෙනෙකු රැගත් බෝට්ටුව යේමනයේ අබියන් (Abyan) පළාතට ඔබ්බෙන් පෙරළී ඇති බවයි. ඔහු පැවසුවේ, නැව් අනතුරෙන් පුද්ගලයන් 12 දෙනෙකු දිවි ගලවා ගත් බවත්, 54 දෙනෙකුගේ සිරුරු ඛන්ෆාර් (Khanfar) දිස්ත්‍රික්කයේ වෙරළට ගොඩගසා තිබූ බවත්, තවත් 14 දෙනෙකුගේ සිරුරු වෙනත් ස්ථානයකින් සොයාගෙන රෝහල් මෘත ශරීරාගාරයක් වෙත ගෙන ගිය බවත්ය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.