පසුගිය සතියේ අවසන් වූ දරුණු උණුසුම් කාළගුණය හේතුවෙන් යුරෝපීය නගර 12ක් පුරා 2,300 දෙනෙකු පමණ තාපය ආශ්‍රිත හේතූන් මත මිය යන්නට ඇති බවට නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මෙම මරණවලින් තුනෙන් දෙකක්ම දේශගුණික විපර්යාස සමඟ සෘජුවම සම්බන්ධ වී ඇති බව ද එම අධ්‍යයනයේ සඳහන් වී ඇත.
බදාදා (ජූලි 09) ප්‍රකාශයට පත් කරන ලද මෙම විශ්ලේෂණය, ජූනි 23 සහ ජූලි 2 අතර දින 10ක කාලය කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර, එම කාලය තුළ බටහිර යුරෝපයේ විශාල ප්‍රදේශවලට අධික උෂ්ණත්වයක් බලපෑ අතර, ස්පාඤ්ඤයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 (ෆැරන්හයිට් 104) ඉක්මවා ගිය අතර, ප්‍රංශයේ ලැව් ගිනි හට ගැනීමටද හේතු වී ඇත.
මෙම අධ්‍යයනය බාර්සිලෝනා (Barcelona), මැඩ්රිඩ් (Madrid), ලන්ඩන් (London) සහ මිලාන් (Milan) ඇතුළු මිලියන 30කට අධික ජනගහනයක් සහිත නගර 12ක් ආවරණය කළ අතර, එහිදී දේශගුණික විපර්යාස හේතුවෙන් උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයෙන් කියැවේ.
මෙම කාලය තුළ මිය යන්නට ඇතැයි ගණන් බලා ඇති පුද්ගලයන් 2,300 දෙනාගෙන්, මරණ 1,500ක් දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ වී ඇති අතර, එය උණුසුම වඩාත් දරුණු කළ බව එක්සත් රාජධානියේ, නෙදර්ලන්තයේ, ඩෙන්මාර්කයේ සහ ස්විට්සර්ලන්තයේ යුරෝපීය ආයතන පහක පර්යේෂකයන් දුසිමකට අධික සංඛ්‍යාවක් විසින් සිදු කරන ලද අධ්‍යයනයෙන් හෙළි වී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.