පවතින ගැටුම් හේතුවෙන් නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පිහිටි සිය බීර කර්මාන්තශාලා පාලනය හයිනෙකන් (Heineken) සමාගමට අහිමි වී තිබේ.
සන්නද්ධ කණ්ඩායම් විසින් බුකාවු (Bukavu) සහ ගෝමා (Goma) යන නගරවල පිහිටි සිය කර්මාන්තශාලා අත්පත් කරගෙන ඇති බවත්, ඒ හේතුවෙන් සියලුම සේවකයන් ඉවත් කර ගැනීමට සිදුවූ බවත් මෙම ලන්දේසි බීර සමාගම පවසා ඇත.
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පහසුකම් හා ගබඩා වලට හානි සිදුවීමත් සමඟ, මාර්තු මාසයේ සිටම කලාපයේ මෙහෙයුම් අත්හිටුවා තිබුණි. ජුනි 12 වන විට, අදාළ ප්‍රදේශයේ මෙහෙයුම් පාලනය තවදුරටත් තමන් සතුව නොමැති බව හයිනෙකන් සමාගම තහවුරු කළේය.
සමාගම අවධාරණය කළේ, සිය සේවකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවය වන බවත්, බලපෑමට ලක් වූ සේවකයන්ට මූල්‍යමය වශයෙන් අඛණ්ඩව සහාය දක්වන බවත්ය. හයිනෙකන්හි දේශීය ඒකකය වන බ්‍රලිමා (Bralima), ගැටුම්වලින් බලපෑමට ලක් නොවූ කොංගෝවේ අනෙකුත් ප්‍රදේශවල තවදුරටත් ක්‍රියාත්මක වේ.
කොංගෝවේ හයිනෙකන් ව්‍යාපාරයෙන් තුනෙන් එකකට පමණ බලපෑමක් එල්ල වී ඇති හෙයින් මෙම අලාභය සැලකිය යුතු මට්ටමක පවතී.
මිලියන 100කට අධික ජනගහනයක් සහිත මෙම රට අප්‍රිකාවේ ප්‍රධාන වෙළෙඳපොළක් වන අතර 2025 වසරේදී නැගෙනහිර කොංගෝවේ සටන් උත්සන්න වී ඇති අතර, M23 කැරලිකාර කණ්ඩායම භූමි ප්‍රදේශ අත්පත් කර ගනිමින් සිටී. කොංගෝව, රුවන්ඩාව සහ එක්සත් ජනපදය සම්බන්ධ කර ගත් සාම සාකච්ඡා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, කෙටුම්පත් සාම ගිවිසුමක් ඉක්මනින් අත්සන් කිරීමට අපේක්ෂා කෙරෙන බවට වාර්තාවේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.