ප්‍රංශයේ යුදෙව්-විරෝධී (anti-Semitic) ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන්, ඇමරිකානු තානාපති චාල්ස් කුෂ්නර් (Charles Kushner) විසින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) වෙත ලිපියක් යැවීමෙන් පසු, ප්‍රංශය විසින් ඔහුට කැඳවීමක් කර තිබෙන බව වාර්තා වේ.
කුෂ්නර් විසින් මෙම විවෘත ලිපිය ඉරිදා (අගෝස්තු 24) The Wall Street Journal හි ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී ඔහු ඊශ්‍රායලය (Israel) පිළිබඳ ප්‍රංශයේ විවේචනයන් සහ පලස්තීන රාජ්‍යයක් (Palestinian state) පිළිගැනීමට ප්‍රංශයේ සැලසුම් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
ප්‍රංශය මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. තානාපතිවරයාගේ චෝදනා පිළිගත නොහැකි”බවද ප්‍රකාශයේ සඳහන් වේ.
පසුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (US State Department), කුෂ්නර් විසින් කරන ලද අදහස් ආරක්ෂා කරමින්, ඔහු ප්‍රංශයේ සිටින අපගේ එක්සත් ජනපද රජයේ නියෝජිතයා බවත්, එම භූමිකාවේදී අපගේ ජාතික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.