රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් මැඩලමින් සිටියදී යුක්‍රේනයට, F-16 ගුවන් යානයක් සහ එහි නියමුවා අහිමි වී ඇති බව එරට ගුවන් හමුදාව ප්‍රකාශ කරයි. සිව්වන වසරටත් දිවෙන යුද්ධයේ දරුණු ගැටුම් දිනපතාම සිදුවන අතර සටන් විරාමයක සලකුණක් හෝ නොමැති බව සඳහන් වේ.
ගුවන් ඉලක්ක හතක් බිම හෙලීමෙන් පසු, ගුවන් යානයට හානි සිදුවී රාත්‍රියේදී විනාශ වූ බව යුක්‍රේන හමුදාව ඉරිදා ටෙලිග්‍රෑම් (Telegram) ඔස්සේ නිකුත් කළ ප්‍රකාශයක සඳහන් විය. “මෙම රාත්‍රියේ, දැවැන්ත සතුරු ගුවන් ප්‍රහාරයක් මැඩලමින් සිටියදී, 1993 වසරේ උපන්, පළමු පන්තියේ ගුවන් නියමුවෙකු වූ ලුතිනන් කර්නල් මැක්සිම් උස්ටිමෙන්කෝ (Maksym Ustimenko), F-16 ගුවන් යානයකදී මිය ගියේය,” එහි දැක්වේ.
වෙනම ප්‍රකාශයකින් ගුවන් හමුදාව පැවසුවේ, රුසියාව ෂහේඩ් ඩ්‍රෝන (Shahed drones), කෲස් සහ බැලස්ටික් මිසයිල (cruise and ballistic missiles) ඇතුළුව යුක්‍රේනයට ප්‍රහාර 537ක් එල්ල කළ බවයි. යුක්‍රේනය ඒවායින් 475ක් අහසේදී විනාශ කළ බව කියා සිටී.
කියෙව් ඉන්ඩිපෙන්ඩන්ට් (Kyiv Independent) පුවත්පතට අනුව, දකුණු මයිකොලයිව් (Mykolaiv), ගිණිකොනදිග සපෝරිෂියා (Zaporizhia) සහ බටහිර ලිවිව් (Lviv) ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක පිපිරීම් සහ ප්‍රහාර පිළිබඳ ශබ්ද වාර්තා වී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.