රුසියාවේ (Russia) සෝචි (Sochi) නගරයට ආසන්නව පිහිටි කළු මුහුද (Black Sea) වෙරළ තීරයේ දැවැන්ත ඉන්ධන ගබඩාවක ගින්නක් ඇතිවීම යුක්‍රේන (Ukraine) ඩ්‍රෝන ප්‍රහාරයක් (drone attack) නිසා සිදුවූවක් බවට රුසියානු බලධාරීන් චෝදනා කරනවා.
ක්‍රස්නෝඩර් කලාපයේ (Krasnodar Region) ආණ්ඩුකාර වෙනියමින් කොන්ඩ්‍රටියෙව් (Veniamin Kondratyev) පවසා ඇත්තේ, ඩ්‍රෝන යානයක කොටස් ඉන්ධන ටැංකියක වැදී ඇති බවත්, ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් 127 දෙනෙකු යොදවා ඇති බවත්ය.
සෝචි පිරිපහදුවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය, සති අන්තයේ රියාසාන් (Ryazan), පෙන්සා (Penza) සහ වොරොනෙෂ් (Voronezh) යන දකුණු රුසියානු නගරවල ස්ථාන ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් දියත් කරන ලද ප්‍රහාර කිහිපයෙන් එකක් බව රුසියානු බලධාරීන් පැවසුවා. වොරොනෙෂ් හි ආණ්ඩුකාරවරයා පැවසුවේ, එක් ඩ්‍රෝන ප්‍රහාරයකින් සිව් දෙනෙකුට තුවාල සිදු වූ බවයි.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේනය අදහස් දක්වා නැත. යුද්ධය පුරා රුසියාව විසින් යුක්‍රේනයේ බලශක්ති ජාලයට එල්ල කළ අඛණ්ඩ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස යුක්‍රේනය රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් සිටින බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.