රුසියානු ආක්‍රමණයට (Russian aggression) එරෙහි යුක්රේනයට (Ukraine) සිය සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව යුරෝපා නායකයෝ ප්‍රකාශ කරති. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් (Vladimir Putin) සාකච්ඡා කිරීමට සූදානම් වන අවස්ථාවක මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයකි.
යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට තම භූමිය භාර නොදෙන බව අවධාරණය කර තිබෙනවා. වසර තුනක් තිස්සේ පැවති යුද්ධය අවසන් කරන බවට පොරොන්දු වූ ට්‍රම්ප්, ඇලස්කාවේදී (Alaska) පුටින් හමුවීමට සැලසුම් කර ඇති අතර, ගැටුම විසඳීමට දෙපාර්ශ්වයම එකඟතාවකට ආසන්න බව පවසා තිබුණා.
ප්‍රංශය (France), ඉතාලිය (Italy), ජර්මනිය (Germany), පෝලන්තය (Poland), එක්සත් රාජධානිය (United Kingdom) සහ යුරෝපීය කොමිසම (European Commission) යන රටවල නායකයෝ, යුද්ධය සාර්ථකව අවසන් කිරීම සඳහා සක්‍රීය රාජ්‍ය තාන්ත්‍රිකත්වය, යුක්රේනයට සහාය වීම සහ රුසියාවට බලපෑම් කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළහ.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.