මෙක්සිකෝ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 64 දක්වා ඉහළට

පසුගිය සතියේ දින කිහිපයක් පුරා මෙක්සිකෝවේ ප්‍රාන්ත කිහිපයකට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වීදි ගංගා බවට පත් වී, මාර්ග සහ පාලම් ගසාගෙන ගොස්, භූමිකම්පා (landslides) ඇති විය.

මධ්‍යම සහ නැගෙනහිර මෙක්සිකෝවේ පුද්ගලයන් 64 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 65 දෙනෙක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. මෙක්සිකෝ නගරයට උතුරින් පිහිටි හිඩාල්ගෝ (Hidalgo) ප්‍රාන්තයේ 21 දෙනෙකු සහ ගල්ෆ් වෙරළ තීරයේ වෙරක්‍රුස් (Veracruz) ප්‍රාන්තයේ 29 දෙනෙකු මිය ගොස් ඇත. මෙක්සිකෝ නගරයට නැගෙනහිරින් පිහිටි පුවෙබ්ලා (Puebla) ප්‍රාන්තයේ අවම වශයෙන් 13 දෙනෙකු මිය ගිය අතර, ක්වෙරටාරෝ (Queretaro) මධ්‍යම ප්‍රාන්තයේ දරුවෙකු නාය යෑමකින් මිය ගොස් ඇත.

මෙම විනාශකාරී ගංවතුරෙන් හුදකලා වූ ජනතාව වෙත ළඟා වීමට ගලවා ගැනීමේ කණ්ඩායම් වෙහෙසෙමින් සිටිති. මෙක්සිකෝව විසින් සිවිල් ගලවා ගැනීමේ කණ්ඩායම් සමඟින් හමුදා භටයන් 10,000ක් පමණ යොදවා ඇති අතර, හෙලිකොප්ටර් මගින් ප්‍රජාවන් 200ක් පමණ වෙත ආහාර හා ජලය රැගෙන යන අතර රෝගී සහ තුවාල ලැබූවන් ඉවත් කරනු ලැබේ.

බලධාරීන් මෙම මාරාන්තික වර්ෂාවට හේතුව ලෙස නිවර්තන පද්ධති දෙකක් නම් කර ඇත – ඒවා මෙක්සිකෝවේ බටහිර වෙරළට ඔබ්බෙන් සෑදී පසුව විසිරී ගිය ප්‍රිසිලා සුළි කුණාටුව (Hurricane Priscilla) සහ Raymond නිවර්තන කුණාටුව (Tropical Storm Raymond) ය.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top