මෙක්සිකෝවේ ගංවතුරෙන් 27ක් මිය යයි; තවත් කිහිප දෙනෙක් අතුරුදන්!

මෙක්සිකෝවේ ඇති වූ ගංවතුර හේතුවෙන් නායයෑම් සිදුවීමෙන් සහ නිවාස, වාහන හා පාලම් ගසාගෙන යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙක් අතුරුදන්ව ඇති බව බලධාරීහු පවසති.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ඇද හැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංගා පිටාර ගැලීම සිදු වී ඇත. මෙක්සිකෝවේ නැගෙනහිර පිහිටි හිඩාල්ගෝ (Hidalgo) ප්‍රාන්තය වැඩිම බලපෑමට ලක් වූ ප්‍රදේශ අතරින් එකක් වන අතර, එහිදී මරණ 16ක් වාර්තා වී ඇත. පූබ්ලා (Puebla) ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇලෙජැන්ඩ්‍රෝ ආර්මෙන්ටා (Alejandro Armenta) පැවසුවේ අවම වශයෙන් 9 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. පූබ්ලා ප්‍රාන්තයේ පමණක් 80,000කට අධික පිරිසකට මෙම කාලගුණික තත්ත්වය බලපා ඇතැයි ප්‍රාන්ත රජය ඇස්තමේන්තු කරයි. ඊට අමතරව, වෙරක්‍රූස් (Veracruz) හි තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

වීදි දිගේ වේගයෙන් ගලා ගිය ජලයෙන් දහස් ගණනක් නිවාසවලට හානි වී හෝ විනාශ වී ඇති අතර, මෝටර් රථ ගසාගෙන ගොස් තිබේ. අධිවේගී මාර්ග සුන්බුන්වලින් අවහිර වී ඇති අතර විදුලිය විසන්ධි වී ඇත.

මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂෙයින්බෝම් (Claudia Sheinbaum) පැවසුවේ, ප්‍රජාවන්ට උපකාර කිරීම, මාර්ග පිරිසිදු කිරීම සහ ආධාර බෙදා හැරීම සඳහා රජය විසින් 5,400 ක පිරිසක් යොදවා ඇති බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top