ඉන්දියාවේ මුම්බායි (Mumbai) නගරයේ බොම්බේ මහාධිකරණය (Bombay High Court) විසින් 2006 වසරේ මුම්බායි දුම්රිය බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයන් 12 දෙනාම, වසර 19කට පසු, අද (ජූලි 21) නිදොස් කොට නිදහස් කර තිබේ.
මෙම තීන්දුව මගින්, විශේෂ අධිකරණයක් විසින් දශකයකට පෙර ලබා දී තිබූ තීන්දුවක් නිෂ්ප්‍රභා කර ඇත. එම අධිකරණය විත්තිකරුවන් පස් දෙනෙකුට මරණ දණ්ඩනය ද, සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ද නියම කර තිබුණා. මෙම පුද්ගලයන්ට 2015 දී දඬුවම් නියම වූ නමුත්, ඔවුන් වසර 18කට වැඩි කාලයක් සිරගතව සිටියා.
අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ, විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල “සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති” බවයි.
මහාධිකරණය විසින් මෙම තීන්දුවට හේතු ලෙස, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශයන් විශ්වාස කළ නොහැකි වීම, හඳුනාගැනීමේ (identification parades) දෝෂ තිබීම, සහ වධහිංසා පමුණුවා ප්‍රකාශ ලබාගෙන ඇති බවට වූ චෝදනා සලකා බැලීම වැනි කරුණු පෙන්වා දී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.