මාර්ග නීති කඩ කිරීම සම්බන්ධයෙන් ටෙස්ලා ස්වයං-රිය ධාවනය ගැන එක්සත් ජනපදය පරීක්ෂණ අරඹයි.

ස්වයං-රිය ධාවන (self-driving) ටෙස්ලා (Tesla) මෝටර් රථ මාර්ග නීති කඩ කිරීමේ සිද්ධි වාර්තා වීම සම්බන්ධයෙන්, එක්සත් ජනපද රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙයට මාර්ගයේ වැරදි පැත්තේ ධාවනය කිරීම සහ රතු එළි සහිත අවස්ථා වල  ධාවනය වීම්ස් වැනි සිද්ධි ඇතුළත් වේ. 

ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) පැවසුවේ, “Full Self-Driving” (සම්පූර්ණ ස්වයං-රිය ධාවන) මාදිලිය සහිත ටෙස්ලා මෝටර් රථ මිලියන 2.9ක් පමණ සම්බන්ධයෙන් එවැනි සිදුවීම් 58ක් වාර්තා වී ඇති බවයි. සිද්ධි හයකදී, රථ රතු එළි නොතකා ධාවනය කර අනතුරු සිදු කර ඇති අතර, එහිදී පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.

මෝටර් රථ නිරන්තරයෙන් රතු එළි නොතකා ධාවනය වූ මේරිලන්ඩ් මංසන්ධියක ගැටලුවක් ටෙස්ලා සමාගම විසින් නිරාකරණය කිරීමට පටන් ගෙන ඇති බව නිලධාරීහු පැවසූහ. හැරීම්වලදී විරුද්ධ මංතීරු වෙත ඇතුළු වීම සම්බන්ධ වාර්තා පිළිබඳව ද මෙම විමර්ශනය මගින් සොයා බලනු ඇත.

දෝෂ සහිත දොර අගුල් හේතුවෙන් Model Y මෝටර් රථවල ළමයින් සිරවීම සම්බන්ධයෙන් ටෙස්ලා දැනටමත් වෙනත් පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටී. මෙම සමාගම මෑතකදී චීන විදුලි වාහන සමඟ තරඟ කිරීම සඳහා ලාභදායී මාදිලි දියත් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top